මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ කෙන්ජි ඔකමුරා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සම්මේලනයට සහභාගී වී සිටින අතරතුර මෙම හමුව සිදුව තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version