චීනය සහ ඉන්දියාව විසින් දෙරට අතර පවතින දේශසීමා ගැටළුව පිළිබඳ එකඟතාවයකට එළඹ ඇතැයි වාර්තා වෙයි.
චීන විදේශ අමාත්‍යය ප්‍රකාශක ලින් ජියෑන් මහතා මේ බව ප්‍රකාශ කළේ බෙයිජිං හි දී පැවැත්වූ නිත්‍යය මාධ්‍ය හමුවේ දීය. රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂක අංශ ඔස්සේ මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කළ චීනය හා ඉන්දියාව ඉදිරියේ දී එක්ව එකඟතාවය විධිමත්ව අනුගමනය කිරීමට ද කටයුතු කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඉන්දීය අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර රුසියාවේ කසාන් හි පැවති BRICS සමුළුව අතරතුරදීද මෙම අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි.

චීනය සමඟ ආරක්ෂක ගිවිසුමකට ඉන්දියාව එළඹී ඇති බවත්,ථ හමුදා දෙක අතර වසර 04ක් පුරා පැවති සන්නද්ධ ගැටුම අවසන් කිරීමේ ප්‍රමුඛ පෙළේ ඉදිරිගමනක් ලෙස මෙම ගිවිසුම හැඳින්විය හැකි බවත් ඉන්දියාව පවසයි.

Share.
Leave A Reply

Exit mobile version