එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට රට පුරා ස්ථානීය දඩ මුදල් ගෙවීමේ පහසුකම ක්‍රියාත්හක කරන බව ICTA අධයක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පවසයි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් අද පැවැති දඩ මුදල් ගෙවීම සම්බන්ධව පැවැති මාධ්‍ය හමුවේදී අදහද් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂ පුරසිංහ මහතා,
“සති කිහිපයකට කලින් අපිට කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ නිසා අපි දඩ මුදල් ඩිජිටල් ආකාරයෙන් ගැනීමේ කටයුතු දිවයින පුරා ක්‍රියාත්මක කරන්න මේ මාසයේ ඉඳන් පටන් ගන්නවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ අග වෙනකොට පළාත් දෙකක් බස්නාහිර සහ දකුණු පළාතේ පොලිස් ස්ථාන සම්බන්ධ කරගෙන පළවෙනි අදියරේදී මෙක හඳුන්වා දෙන්න. ඊට පස්සේ ඉතාම කඩිනම් වැඩපිළිවෙළක් යටතේ රට පුරාම සැප්තැම්බර් මාසය වෙනකොට සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ස්ථානීය දඩ මුදල් ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න.
අපි govpay එළි දක්වන මොහොතේ ගොඩක් ඇප් රෙඩි වෙලා තිබුණේ නෑ. දැන් ඇප් රෙඩි වෙලා තියෙනවා. බෑක්න් ඇප්ස් රෙඩි වෙලා තියෙනවා ඒ නිසා තමන්ට කැමති ඇප් එකක් තමන්ට කැමති බැංකුවක් පාවිච්චි කරලා දඩ මුදල් ගෙවන්න පුළුවන්. “
