ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ.

අද වනවිට ලෝක රන් මිල ඩොලර් 4,150 ඉහළ ‍ගොස් ඇත.

මෙරට රත්‍රං මිල ඊයේ දිනට සාපේක්ෂව රුපියල් 6,000කින් අද (25) දිනය වනවිට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 309,200ක් ලෙස දැක්වුණි.

ඊයේ දිනයේ එම මිල ගණන් දැක්වුණේ රු. 303,600ක් ලෙසය.

මේ අතර ඊයේ දිනයේ දී රු. 330,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 336,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Share.
Leave A Reply

Exit mobile version