සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතළ නවකවධ සිද්ධියකට මුහුණ පා සියදිවි  නසාගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියම කළේය. 

මෙම පෙත්සම අද එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ, අදාළ පෙත්සම  කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 18 වනදා කැඳවන ලෙසය.

Share.
Leave A Reply

Exit mobile version