ජපානයේ කැබිනට් අමාත්‍යවරුන් සිවු දෙනකු ඔවුන්ගේ ධුරවලින් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

අරමුදල් රැස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, ඔවුන්ගේ නම් සඳහන් වීම ඊට හේතුව යැයි ද පැවැසෙයි. ඉල්ලා අස්වුණු සිවුදෙනා ජපන් අග්‍රාමාත්‍ය ෆොමියෝ කිෂිඩාගේ රජයේ ප්‍රබලයන්ය.

වසර 5 කට ආසන්න කාලයක් තිස්සේ යෙන් මිලියන 500 ක මුදලක් මෙම අමාත්‍යවරුන් වෙනත් ගිනුම්වල තැන්පත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ද පැවැත්වෙයි.

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version