බන්ධනාගාර ගතකර සිටි භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය ලබාදුන් දෙදෙනා ඇතුළු සිව්දෙනා අද (09) යළි අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
බන්ධනාගාර ගතකර සිටි නුවරඑළිය ප්‍රදේශයෙදී භෞත චිකිත්සකවරිය ඝාතනය කළ ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය ලබාදුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරා, මැණික්හින්න පොලීසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා මෙලෙස අද නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යොමුකර තිබේ.
මෙම සැකකරුවන් නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහෙස්‍ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රදවා ගැනීමේ නියෝග මත විමර්ශන සිදුකර එම සැකකරුවන් ජූනි මස (26) දින නුවරඑළිය මහෙස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.
