ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත් වන ගුවන් ගමන්වාර සිය ගණනක් අද උදෑසන ප්‍රමාද වී තිබේ.
ගුවන් පාලන පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් ඊට හේතු වී ඇත.
මේ හේතුවෙන් ගුවන් ගමන් පාලන කටයුතු සිදු කෙරුණේ MANUAL ක්රමයටය.
මේ වන විට ගැටලුව නිරාකරණය කිරීමට ගුවන් තොටුපොළ බලධාරීන් දැඩි උත්සාහයක නිරත විය.
ඉන්දියාවේ කාර්යබහුල ම ගුවන්තොටුපොළ ලෙස සැලකෙන නවදිල්ලි ගුවන් තොටුපොළ දිනකට 1,500 ඉක්මවූ ගුවන් ගමන් වාර සංඛ්‍යාවක් හසුරුවයි.
පසුගිය සතියක පමණ කාලය තුළ එම ගුවන් තොටුපොළේ පාලන පද්ධතිය අවස්ථා කිහිපයකදීම ගැටලුවලට මුහුණ දී තිබේ.
