2022 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (27) පැවති තරඟ 04 දී ජයග්‍රහණ ලබා ගැනීමට කොස්ටාරිකාව, මොරොක්කෝව, ක්‍රෝඒෂියාව සමත් වූ අතර ස්පාඤ්ඤ කණ්ඩායම හා ජර්මනි කණ්ඩායම අතර පැවති තරඟය සම තත්ත්වයෙන් අවසන් වුණා.

පළමු තරඟය ලෙස ජපාන කණ්ඩායම හා කොස්ටාරිකා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 0-1 ක් ලෙස ජය ගැනීමට කොස්ටාරිකා කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Keysher Fuller එම ගෝලය වාර්තා කළා.

දෙවන තරඟය ලෙස බෙල්ජියම් කණ්ඩායම හා මොරොක්කෝ කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 0-2 ක් ලෙස ජය ගැනීමට මොරොක්කෝ කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Romain Saïss හා Zakaria Aboukhlal ගෝල වාර්තා කළා.

ක්‍රෝඒෂියා කණ්ඩායම හා කැනඩා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල 4-1 ක් ලෙස විශිෂ්ට ජයක් ලැබීමට ක්‍රෝඒෂියා කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම වෙනුවෙන් Andrej Kramarić, Marko Livaja, Lovro Majer ගෝල වාර්තා කිරීමට සමත් වුණා.

මේ අතර ස්පාඤ්ඤ කණ්ඩායම හා ජර්මනි කණ්ඩායම අතර පැවති තරඟයේදී කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් වාර්තා කිරීමට සමත්වීම නිසා තරඟය සම තත්ත්වයෙන් අවසන් වූ අතර එම කණ්ඩායම් වෙනුවෙන් Álvaro Morata හා Niclas Füllkrug ගෝල වාර්තා කළා.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version