අක්කර 5ට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක් ලබා දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ , ඒ සඳහා රුසියාවෙන් නොමිලේ ලැබුණු එම්.ඕ.පී පොහොර මෙට්‍රික් ටොන් 55,000න්, මෙට්‍රික් ටොන් 27,500ක් යොදා ගනිමින් මිශ්‍රිත පොහොර මෙට්‍රික් ටොන් 56,000ක් සකස් කිරීමින් ඇකි බවයි.
රුපියල් 9500ක් වන කිලෝග්‍රෑම් 50 ක මිශ්‍රිත පොහොර මිටිය 4,000ක සහන මිලකට මේ මාසය අග වනවිට රට පුරා සිටින පොල් වගාකරුවන්ට ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, පාර්ලිමේන්තුවේදී පැවැති වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් ය.