ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ බුදුන් වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයේ පස්වන දිනය අදට (09) යෙදී තිබේ.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයාගත් ලොව්තුරා බුදුරජානන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ පසුගිය 04 වැනිදා මෙරටට වැඩම කරවා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විශේෂ පීඨිකාවක තැන්පත් කරනු ලැබීය.

එම සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවූයේ පසුගිය 5 වැනිදා සිටය.

ඉන්දියාවෙන් පිටතට පළමුවරට වැඩම කරවූ සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා කර ගැනීම සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් ඊයේ (08) දිනයේද හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණියේය.

Share.
Leave A Reply

Exit mobile version