95 වන ඔස්කාර් සම්මාන උළෙල අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී පැවැත්වුණා. සුවිශේෂත්වය නම් මෙම සම්මාන උළෙලේදී වසර 62කට පසු රතු පලස භාවිත කිරීම සිදු නොවනු ඇති අතර ෂැම්පේන් වර්ණයෙන් යුත් පලසක් මෙවර භාවිතා වන බවයි නොයෙකුත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙවර ඔස්කාර් උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ Everything Everywhere All at Once චිත්‍රපටයයි.

ලැබූ සම්මාන කිහිපයක් පහතින් මෙලෙස සඳහන් කරමු.

  • හොඳම නළුවා සම්මානය: බ්රෙන්ඩන් ෆ්රේසර් (චිත්‍රපටය: The Whale)
  • හොඳම නිලිය සම්මානය: මිෂෙල් යෝහ් (චිත්‍රපටය: Everything Everywhere All at Once)
  • හොඳම අධ්‍යක්ෂනය: ඩැනියෙල් ක්වාන් (Daniel Kwan) සහ ඩැනියල් ෂෙයිනර්ට් (Daniel Scheinert)

දැකගත හැකිවූ තවත් එක් විශේෂ කරුණක් වූයේ ඔවුන් අධ්‍යක්ෂනය කළ Everything Everywhere All at Once චිත්‍රපටය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන රැසක් දිනාගැනීමයි.

එමෙන්ම මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොදම චිත්‍රපට ගීතය සඳහා ඉන්දීය චිත්‍රපටයක් වන S.S. Rajamouli විසින් අධ්‍යක්ෂනය ක​ළ “RRR” හි “NAATU NAATU” ගීතය දිනාගත්තේය.

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version