2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (14) දිනයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පස්වරු 3 ට පමණ ආරම්භ වුණා. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 5 විසින් විවිධ ක්‍රීඩකයින් රැසක් මිලදී ගැනීමට කටයුතු කර තිබුණා.
එහිදී වැඩිම මිලකට අලෙවි වූයේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක වන අතර, ඔහුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් ඇමෙරිකානු ඩොලර් 92,000 ක මුදලකට මිලදී ගත්තා. වෙන්දේසියේ දී දෙවැනි වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ චරිත් අසලංක වන අතර ඔහු ඇමෙරිකානු ඩොලර් 80,000 කට මිලදීගෙන තිබුණා.
වෙන්දේසියේදී මිල දී ගනු ලැබූ පළමු විදෙස් ක්‍රීඩකයා වූයේ ෂොයිබ් මලික් ය. ඩොලර් 50000 කට තක්සේරු වී සිටි මලික් එම මුදලටම මිලට ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කටයුතු කළේය.
ජැෆ්නා කිංග්ස්
කළම්බු ස්ට්‍රයිකර්ස්
ගෝල් ටයිටන්ස්
දඹුල්ල ඕරා
බී-ලව් කැන්ඩි
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.