ආපදා පැවැති ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ , ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්ක ඒ අතර වන බවයි.

මේ දිනවල ඩෙංගු දෙවන හා තුන්වන වෛරස් කාණ්ඩ පැතිර යමින් ඇතැයිද ඔහු පැවසුවේ ය.

වසරේ ගතවූ කාලය තුල ඩෙංගු රෝගීන් 2170 දෙනෙකු වාර්තා වී තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ සෞඛඨ වෛද්‍ය නිලදාරී කොට්ඨාස 41ක ඩෙංගු අවධානම් තත්ත්වයක් පවතින බවයි.

Share.
Leave A Reply

Exit mobile version