ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්‍රීයේ ආපසු හරවා යවා තිබේ .

ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගුවන්  ගමන් තහනමක් පැවතීම නිසා , ඔහු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු ආපසු හරවා යවා තිබේ .

ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නැමැති මොහු ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-653 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ රාත්‍රී 08.35ට පැමිණ තිබුණි .

Share.
Leave A Reply

Exit mobile version