චීනයේ හිටපු අග්‍රාමාත්‍ය ලී කෙකියැං හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 68 කි. ලී කෙකියැං, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූයේ පසුගිය මාර්තු මාසයේය. චීන කොමියුනිස්ට් පක්ෂ රජයේ, ජනාධිපතිවරයාගෙන් පසු දෙවැනිය බලවත්ම පුද්ගලයා වන්නේ අග්‍රාමාත්‍යවරයා ය.

ලී කෙකියැං අග්‍රාමාත්‍යවරයා ලෙස ධුර දෙකක්, ජනාධිපති ෂී ජින්පින් සමඟ ඉතාමත් සමීපව කටයුතු කළේය. කෙසේ නමුත් අවසන් කාලයේ ජින්පින් සහ කෙකියැං අතරේ මත ගැටුම් පැවැති බව වාර්තා විය. එම මත ගැටුම් හේතුවෙන්, ජනාධිපති ෂී ජින්පින්, අග්‍රාමාත්‍ය කෙකියැං දේශපාලනික වශයෙන් නිහඬ කළේ යැයි ද පැවැසිණි. චීනයට වෙළෙඳපොළ ඉලක්ක කරගත් ප්‍රතිපත්ති හඳුන්වා දීමට උත්සාහ කළේ ලී කෙකියැං ය.

චීනයේ වත්මත් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ලී කියැංග් ය. ඔහු එම ධුරයට පත් කරනු ලැබුවේ පසුගිය මාර්තු 11 වැනිදාය. (AFP)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version