මෙවර මහ මැතිවරණය සඳහා එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් නොවන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

අද (10) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“මේ මැතිවරණ ව්‍යාපාරයෙන් අපි ඉවත්වීමට තීරණය කළා. අපි සමගි ජන සන්ධානයෙන් මහ මැතිවරණය සඳහා තරග කිරීම කිරීමේ අපේක්ෂාවෙන් කටයුතු කළා. දිස්ත්‍රික්ක 11කට අපේ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ සූදානමින් හිටියා. නමුත් නාමයෝජනා ක්‍රියාවලියේදී අපිට වැටහී ගියා අපිට සාධාරණීකරණය කරන්න බැරි විදියට උල්ලංඝණය වෙලා තිබෙනවා කියලා. ඒ නිස අපි මේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න තීරණය කළා.”

Share.
Leave A Reply

Exit mobile version