ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බලකිරීම මත බලශක්ති ව්‍යාපෘතියක් ලබාදුන් බවට නිලධාරියෙක් සිදු කළ ප්‍රකාශය හේතුවෙන් තමන් කලකිරීමට පත්වූ බව අදානි සමූහය ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ අරමුණ වන්නේ අසල්වාසියෙකු ලෙස ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම බවත් එය රටවල් දෙක අතර හවුල්කාරීත්වයේ අත්‍යවශ්‍ය අංගයක් බව ආයතනයක් ලෙස තමන් දකින බවයි ඔවුන් සඳහන් කරන්නේ.
පසුගියදා කෝප් කමිටු රැස්වීමේදී විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු සඳහන් කළේ, පසුගිය නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා තමා කැඳවා මන්නාරම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ලබාදෙන ලෙස ඉන්දීය අගමැති බලකරන බව ප්‍රකාශ කළ බවත් එහිදී තමන් මෙය විදුලිබල මණ්ඩලයට අයත් ගැටලුවක් නොවන බව සඳහන් කළ බවයි.