රුපියල් කෝටි 40ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ‘හරිත මාවත’ ( Green Channel) ගමන්කිරිමේ දී අත්අඩංගුවට පත්ව ඇත.

52 හැවිරිදි කැනඩා ජාතිකයෙකු වන ඔහු එරට ඔන්ටාරියෝ හි පදිංච්කරුවෙකු බව සඳහන්.

අදාළ සැකකරු මත්ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් රැගෙන, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇත. එතැන් සිට කටුනායක වෙත පැමිණ තිබේ.

ඔහු විසින් රැගෙන ආ ගමන්මල්ල තුළ හෂීෂ්’ කිලෝ ග්‍රෑම් 12යි ග්‍රෑම් 196ක් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 5යි ග්‍රෑම් 298ක් තිබී සොයාගෙන ඇත.

Share.
Leave A Reply

Exit mobile version