කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස නම් කිරිම පිණිස ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල යෝජනාවකට අනුව කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මෙරට තෙවැනි ජාතික රෝහල බවට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල පත්වන අතර, ලංකාවේ සංවර්ධිත ජාතික රෝහල් ලෙස මෙරට පවතින්නේ කොළඹ ජාතික රෝහල සහ මහනුවර ජාතික රෝහල පමණක් බවයි සඳහන් වෙන්නේ.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version