වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පියවර ගැනීමට බ්‍රිතාන්‍ය රජය අවධානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාර්මර් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති බවත්, ළමුන්ගේ අන්තර්ජාල භාවිතය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගැනීමට සලකා බලන බවත් සඳහන් වේ.

ඒ අනුව TikTok, Snapchat සහ Instagram වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකා නව නීතිමය ක්‍රියාමාර්ග යටතට ඇතුළත් විය හැකි බව වාර්තා වේ.

අධික සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් ළමුන්ගේ මානසික සෞඛ්‍යයට ඇති විය හැකි බලපෑම් සහ අන්තර්ජාල අවදානම් අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.

Share.
Leave A Reply

Exit mobile version