ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම 2025 ජනවාරි මස ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඒ ටෙස්ට් තරග දෙකකට සහ එක්දින ජාත්‍යන්තර තරගයකට සහභාගී වීම සඳහා ය.

ඔවුන් ජනවාරි 20 වනදා මෙරටට පැමිණීමට නියමිත අතර ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය ජනවාරි 29 වනදා අරම්භවීමට නියමිත අතර දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 06 වනදා ඇරඹෙයි.

තරග දෙකම ගාල්ලේදී පැවැත්වෙයි. 

දෙරට අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගය දිවා-රාත්‍රී තරගයක් ලෙස පෙබරවාරි 13 වනදා පැවැත්වෙයි.

Share.
Leave A Reply

Exit mobile version