2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දියා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම තරගයට ඊයේ (10) වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ අනුව තරගය අද (11) අතිරේක දිනයට කල් දැමීමට විනිසුරුවන් තීරණය කළ අතර අද පස්වරු 3.00 ට පන්දුවාර 50 තරගයක් ලෙස ඊයේ නතර කළ ස්ථානයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.
කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර පන්දුවාර 24.1 ක් අවසානයේ දී ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින විරාත් කෝලි ලකුණු 8 ක් හා කේ.එල්.රාහුල් ලකුණු 17 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.