පැරිස් – පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 හෙල්ල විසි කිරීම ඉසව්වෙන් නව ලෝක වාර්ථාවක් තබමින් රිදී පදක්කම ජයග්‍රහණය කල ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සමිත දුලාන් ඊයේ (10) පස්වරුවේ කටුණායක ගුවන් තොටුපොල වෙත පැමිණියේය.
ඔහු පිළිගැනීම සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් නජිව එදිරිසිංහ, අධ්‍යක්‍ෂ ක්‍රිඩා බ්‍රිගේඩියර් තුෂාර ප්‍රනාන්දු සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ශාමල් සෙනරත් ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් රැසක් කටුනායක ගුවන්තොටුපොල ප්‍රභූ පර්යන්තය වෙත පැමිණ සිටියහ.
කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිනි සමිත දුලාන් හට යුද්ධ හමුදාව වෙතින් උණුසුම් පිලිගැනීමක් හිමිවූ අතර ඉන් අනතුරුව ඔහු යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණීන ලදී. එහිදී ඔහුව යුද්ධ හමුදා සාමාඡිකයින් විසින් උණුසුම්ව පිලිගන්නා ලදී. යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණි සමිත දුලාන් හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලෝක වාර්ථාවක් තැබීම සහ රිදි පදක්කමක් ජයග්‍රහනය කිරීම වෙනුවෙන් සුභ පැතුම් එක් කල අතර, සමිත දුලාන් විසින් පෙන්නුම් කරන ලද දක්‍ෂතා හා කැපවීම අගය කරන ලදී.
මව්බිම වෙනුවෙන් තවත් ජයග්‍රහන ලබමින් ශ්‍රි ලංකාව හා යුද්ධ හමුදාව බැබලවීමට කටයුතු කරන ලෙසට ආශිර්වාද එක් කල යුද්ධ හමුදාධිපති විසින් මෙහිදී සමිත දුලාන්ගේ දක්‍ෂතා අගය කිරීම වෙනුවෙන් මූල්‍ය ආධාරයක් පිරිනැමීමද සිදුකරන ලදී.