ICC Cricket Hall of Fame හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් සඳහා පිරිනමන ගෞරව නාමය මෙරට හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා හට පිරිනැමීම සිදුකර තිබෙනවා.

ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ඉන්දියාවේ මුම්බායි හි පැවති උත්සවයකදී මෙය පිරිනමා ඇති බවයි සඳහන් වන්නේ.

ටෙස්ට් තරග 93 කට සහ එක්දින තරග 308 කට ක්‍රීඩාකර ඇති අරවින්ද ද සිල්වා රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 15,645 ක් වන අතර ඔහු ටෙස්ට් හා එක්දින තරගවලදී ශතක 31ක් හා අර්ධ ශතක 86 ක් වාර්තා කර තිබෙනවා.

1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ නියමුවා වූ ඔහු අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 107 අදටත් මෙරට ක්‍රීඩා ලෝලීන්ට නොමැකෙන මතකයක් වී තිබෙනවා.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version