ජාතික වගාරක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 1,669ක මුදලක් ගෙවා ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ඒ අනුව වී, බඩ ඉරිඟු, මිරිස් සහ අර්තාපල් යන වගාවන් සඳහා ගොවීන් 81,234 දෙනෙකුට මෙමගින් ප්‍රතිලාභ ලබා දී ඇති බව එම මණ්ඩලය පැවසීය.

මීට අමතරව පශු සම්පත් රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ගව, එළුවන් රක්ෂණ ව්‍යාපෘතීන් රැසක් ද ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

මෙම වසරේදී ගොවිජන රක්ෂණ මණ්ඩලයේ මූල්‍ය වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 2,491ක් දක්වා ඉහළ නංවා ගැනීමට ද හැකි වී ඇති බව සඳහන්ය.

Share.
Leave A Reply

Exit mobile version