දුම්රිය පාදක කරගෙන දියත් කිරීමේ පද්ධතියකින් යුත් අග්නි-ප්‍රයිම් මිසයිලයේ අත්හදා බැලීමක් ඉන්දියාව අද සාර්ථකව සිදුකර තිබේ.

මෙය ඉන්දියාවේ ජාතික දුම්රිය ජාලය සමග ඒකාබද්ධ වූ විශේෂයෙන් නිර්මාණය කරන ලද්දකි.

ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය විසින් මෙම අත්හදා බැලීම සිදුකර තිබේ.

අග්නි-ප්‍රයිම් මිසයිලයට කිලෝමීටර් 2,000ක් දක්වා පරාසයක ඉලක්කයකට ගමන් කිරීමේ හැකියාව ඇත.

විවිධ දියුණු විශේෂාංගවලින් සමන්විත අග්නි-ප්‍රයිම් මිසයිලය සාර්ථකව අත්හදා බැලූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං නිල වශයෙන් නිවේදනය කර තිබේ.

න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් වන අග්නි ප්‍රයිම්, අග්නි පන්තියේ මිසයිලවල දිගුවකි.

Share.
Leave A Reply

Exit mobile version