මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් සිසුන්ට යම් යම් රෝගාබාධ වැළඳීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා පවසනවා.

අධික උණුසුම් තත්ත්වයෙන් ළමුන් රෝගී වීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ඔහු ඉල්ලා සිටිනවා.

අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ ඇති විය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් සිසුන් ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයද විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණා.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version