13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් සහ යෝජනා අගෝස්තු මස 15 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් සියලු පක්ෂ නායකයින් වෙත දැනුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අදාළ දැනුම්දීම ලිඛිතව පක්ෂ නායකයින් වෙත සිදුකර ඇති බවය.

පසුගිය මස 26 වනදා පැවති සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ පරිදි අදාළ යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version