ශ්‍රී ලංකාවේ ණය ගැටලුව විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නිම කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා. පාර්ලිමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, රට වර්තමානයේ මුහුණ දෙමින් තිබෙන ණය අර්බුදය විසඳීම සඳහා පුළුල් උපාය මාර්ගික වැඩපිළිවෙළක් සකස් කරන බවත්, එහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමුඛතාවයක් වන අතර, වැදගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීමට තම මූලික අවධානය යොමුව ඇති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version