අබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් නව ගුවන් සේවයක් ආරම්භ කරමින්, මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ගුවන් මගීන් 158 දෙනකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනකුගෙන් සමන්විත එයාර් ඇරේබියා ගුවන් සේවයේ 3 එල් – 197 දරන ගුවන් යානය අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මෙම ගුවන් යානා සතියේ සෑම බදාදා , සිකුරාදා සහ ඉරිදා යන දින වල රාත්‍රී 08.00 ට පැමිණෙන අතර, යළිත් එම ගුවන් යානා රාත්‍රී 08.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිතය.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version