ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව පුළුල් අධ්‍යයනයකින් පසු සකස් කළ එම ප්‍රතිපත්තිය මේ වන විට කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබෙන බවත් එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ඉදිරි සති දෙක ඇතුලත රටට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

අද රට පත්ව තිබෙන තත්ත්වයට පසුගිය වසර 75 තිස්සේ පාලනය කළ දේශපාලනඥයන් වගකිව යුතු බව කී හරීන් ප්‍රනාන්දු මහතා නමුත් වර්තමානයේ තනි පුද්ගලයකු රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් කළේය. (සෘජු උපුටාගැනීම: ලංකාදීප)

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version