ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා පත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.

ඔක්තෝබර් 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පත්කිරීම ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජයන්ත බලවර්ධන මහතා පිළිකා රෝග සම්බන්ධයෙන් මෙරට කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙක් වන අතර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ විධායක අධ්‍යක්ෂවරයා ද වේ. (සෘජු උපුටාගැනීම: ලංකාදීප)

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version