රාජ්‍ය බදු යාන්ත්‍රණය ඉහළ නංවාලීම සඳහා දේශීය ආදායම් පනත කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරී‌මේ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන බවත්, ඔවුන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට මෙම නව දේශීය ආදායම් පනතෙන් හැකියාව ලැබෙන බවත් අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේය.

මෙරට රාජ්‍ය බදු අය කර ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බවත්, එබැවින් රටේ බදු ප්‍රතිපත්තිය ද කඩිනමින් වෙනස් කළ යුතු බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරී‌මේ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. (සෘජු උපුටාගැනීම: ලංකාදීප)

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version