මහජන මතය ඇත්තේ කාටදැයි විමසා බැලීම සඳහා ජනාධිපතිවරණයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට අභියෝග කර සිටිනවා. ඒ අනුව ජනාධිපතිවරණයක් පැවැත්වීම මඟින් ඡන්ද 50% ක් ලබා ගැනීමට හැකියාව ඇත්තේ සහ නැත්තේ කාටදැයි එවිට දැක බලා ගැනීමට හැකියාව ලැබෙන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version