කිලිනොචිචි ධර්මපුරම් ප්‍රදේශයේදී පියා සහ පුතා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුතා එල්ල කළ මෝල් ගස් පහරකින් පියා මියගොස් ඇතැයි ධර්මපුරම් පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පී රාමසාමි (66) නමැති වයෝවෘද්ධ පුද්ගලයෙකි. නිවසේදී පුතා සමඟ ඇතිකරගත් බහින්බස් වීමක් දුරදිග යාමෙන් සැකකරු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පුතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. (ලංකාදීප)

Share.
Leave A Reply

Exit mobile version