විදෙස් බුද්ධි තොරතුරක් මත බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදා අවේක්ෂණ මෙහෙයුමක් අතරතුර සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් තිබී සොයා ගෙන තිබේ.

අද (01) උදෑසන අදාළ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් පසු සිදුකළ පරීක්ෂණවලින් පසුව අදාළ ධීවර යාත්‍රාවේ තිබූ උර 298ක මෙම මත්ද්‍රව්‍ය තිබූ බවට අනාවරණය වූ බව නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ කාංචන බානගොඩ මහතා පැවසීය.

මෙම ධීවර යාත්‍රාව ලාංකික බහුදින යාත්‍රාවක් බවත් එහි සිටි සැකකරුවන් 6දෙනා සහ සන්නිවේදන කටයුතු සඳහා භාවිත කළ සන්නිවේදන උපකරණය ද නීතියට ඉදිරිපත් කර ඇතැයි නාවික හමුදාපතිවරයා මෙහිදී පැවසීය.

අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 6,000ක් පමණ බවද නාවික හමුදාව සඳහන් කළේය.

Share.
Leave A Reply

Exit mobile version