කැබිනට් අනුමැතිය හිමිවූ විශ්‍රාමිකයන්ගේ රුපියල් 3000ක අන්තර් කාලීන මාසික දීමනාව හිඟ මුදල්ද සමඟ ඔක්තොම්බර් විශ්‍රාම වැටුප සමඟ ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට සම්මත වූ විශ්‍රාමිකයින් සඳහා පසුගිය අප්‍රේල් මාසයේ සිට ගෙවන රු.2500 දීමනාවට අමතරව වැටුප් විෂමතා සකස් කරණ තෙක් ගෙවීමට නියමත රුපියල් 3000ක අන්තර් කාලීන දීමනාව ඔක්තොම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Share.
Leave A Reply

Exit mobile version