විවිධ අනතුරු හේතුවෙන් දෛනිකව මෙරට ජිවිත 30ක් පමණ අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා සඳහන් කළේ සෑම පැය තුනකට වරක් පුද්ගලයින් හතර දෙනෙකු විවිධ අනතුරු හේතුවෙන් මිය යන බවයි. 

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා මේ බව සඳහන් කළේය.

“හැම අවුරුද්දකම දළ වශයෙන් ලංකාවේ මිය යනවා 8,000ත් 10,000ත් අතර ප්‍රමාණයක්. හැම පැය තුනකට සැරයක්ම ලංකාවේ අපිට අහිමි වෙනවා හතර දෙනෙක් විතර විවිධ අනතුරු නිසා. දවසකට දළ වශයෙන් තිහක් විතර. බොහෝ වෙලාවට අපි කතා කරන්නේ රථවාහන අනතුරු නිසා වෙන මරණ ගැන. හැබැයි අපි අමතක කරලා තියෙනවා විවිධ හේතු නිසා වැටිලා මියයන ප්‍රමාණය, දියේ ගිලීම්වලින් වන මරණ ප්‍රමාණය, විදුලි සැර වැදීමෙන් වන මරණ ප්‍රමාණය,සර්ප දශ්ඨනවලින් වන මරණ ප්‍රමාණය.මෙන්න මේ ආකාරයෙන් වන මරණ අපි අමතක කරලා තියෙනවා. ඒ නිසා සමස්ථ මරණ ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් 30ක් විතර මියයනවා අනතුරුවලින්. මෙය ඛේදවාචකයක් ඒ වෙන්නේ මේක වළක්වන්න පුළුවන් නිසා ජීවිත අහිමි කර ගන්නවා”  

Share.
Leave A Reply

Exit mobile version