බඩල්කුඹුර අංකඩ වරාදොලවත්ත සිදුවු නාය යාමක් හේතුවෙන් අවධානමට ලක්වු පවුල් 28ක් වහාම එම ස්ථානයෙන් ඉවත්කිරිමට පියවර ගත්බව මොනරාගල දිස්ත්‍රික් අපදා ලකමණාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රවින්ද්‍ර කුමාර මහතා ලංකාදිපයට පැවසිය.

මෙම අවධානමට ලක්ව සිටින පවුල් ජීවත් වු ලැයිම් කාමර පෙල සහිත ස්ථානය ද මෙම නාය යාමේ අවධානමට ලක්වි ඇති බවත් මේ වන විට එම පවුල් සඳහා අවශ්‍ය වියලි අහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කර ඇතැයි ඒ මහතා කියා සිටියේය.

පවතින අධීක වර්ෂාවත් සමග මොනරාගල දිස්ත්‍රික්කයේ මෙවැනි නාය යාම් ඇතිවිය හැකි ස්ථාන සම්බන්යෙන් දැඩි අවධානයක් යොමු කර ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.(සෘජු උපුටාගැනීම: ලංකාදීප)

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version