ලබන වසරේ අග භාගයේ සිට මෙරට ආර්ථිකය, යථා තත්ත්වයට පත්වීමේ මාවතකට අවතීර්ණ වනු ඇති බවට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලට අදාළව මේ දක්වා ලබා ඇති ප්‍රගතිය මෙන්ම දැනට ක්‍රියාත්මක කර ඇති සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ සලකා බැලීමේ දී එම තත්ත්වය අපේක්ෂා කරන බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.
මෑත කාලීන ආර්ථික ප්‍රවණතා, 2022 සුවිශේෂී සිදුවීම් සහ 2023 අපේක්ෂා යනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ වාර්තාවක් මඟින් මෙම කරුණු සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මූල්‍ය පුවත් සහ තොරතුරු දැනගන්න.