නිදහස් සටනේ ප්‍රධානතම සෙන්පතියකු වූ ගොංගාලේගොඩ බණ්ඩා ගේ මුල් නාමය වූයේ දාවිත් හෙවත් ඩේවිඩ් ය.දොන් පුල්ලේ වෙදරාළ ආදී නම් වලින් හැදින්වූයේද මොහුමය…

වර්ෂ 1843 ඔඅමණ කාලයේදී ගොංගාලේගොඩ බණ්ඩා මදුල්ල ප්‍රදේශයේ වාසය කර ඇති අතර එහිදී ජාතිමාමක,ජාත්‍යාභිමානී,නිර්භීත සිංහලයන් සමඟ එකතු වී ඉංග්‍රීසීන්ට විරුද්ධව කටයුතු කර ඇත.එම නිසාම මොහු රාජ්ද්‍රෝහියෙකු ලෙස ඉංග්‍රීසි ආන්ඩුව විසින් ප්‍රකාශයට පත්කොට තිබුනි.

තමා රාජසිංහ පවුලට නෑකම් ඇත්තෙකු බව ප්‍රකාශ කරමින් මහනුවර දළදා මාලිගයේ මොහු කලක් වාසය කොර ඇත.විදේශීය පාලනයට විරුද්ධව කටයුතු කිරීමේදී එයට අවශ්‍ය පොදු ජන විශ්වාසය සහ සහයෝගය ලබා ගැනීම වැදගත් බව ගොංගාලේගොඩ බණ්ඩා විසින් අවබෝධ කරගෙන තිබුනි.

ඉංග්‍රීසීන් විසින් අය කරන ලද අසාධාරන බදු අහෝසි කරවා ගැනීමට සිංහල ජනතාවට අවශ්‍ය විය.ඒසේම ඉංග්‍රීසී පාලකයන් ලංකාවෙන් පලවා හැරීමට සිංහලයන් එක් රොක් විය යුතු මොහු අවබෝධ කරගෙන තිබුනි.එමෙන්ම මේ අරගලයේ නායකයා ලෙස ගොංගාලේගොඩ බන්ඩා පත්විය.වර්ෂ 1848 ජූලි මස 30 වඩ දින විශාල පිරිසකගේ කැමැත්ත සහ විහාරාධිපති ගිරානේගම ඉන්ද්‍රජෝති හිමිපාණන්ගේ අනුග්‍රහය මත ගරුතර මහා සංගරත්නයේ ආශීර්වාදය ඇතිව ගොංගාලේගොඩ බන්ඩා ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි නමින් තුන් සිංහලයේම රජු වශයෙන් ඔටුනු පලදවා අභිශේක කරන ලදී.

මහනුවර පැරැන්දුගල හා මාතලේ නගර ජයගෙන සිටින අවස්ථාවේ සිංහල සටන් නායකයන් අතර ඇති වූ බේද.සිංහලයාගේ යුද්ධායුද ශක්තිය ප්‍රභල නොවීම ආදී හේතු නිසා සටන අඩපන විය. මෙය අවස්ථාව කරගත් ඉංග්‍රීසීන් සැගව සිටි ගොංගාලේගොඩ බන්ඩා වර්ෂ 1848 නොවැම්බර් 14 දින යුද්ධාධීකරණය වෙත පමුනුවන ලදී.

මෙහිදී ඉදිරිපත් කරන ලද පාපොච්චාවණය නිසා මරණ දඩුවම ලිහිල් වී කසපහර 100ක් ගසා වර්ෂ 1849 ජනවාරි 01 දින මලක්කාවට පිටුවහල් කරන ලදී. වීර ගොංගාලේගොඩ බන්ඩා වර්ෂ 1849දී මරණයට පත් විය මහනුව අහිෂේක ලත් රජු ලෙසත්,වර්ෂ 1848 විමුක්ති සටන සංවිධානය කර එය පොදු ජනතාව මගින් පන පොවා මෙහෙයවූ වීරයකු ලෙසත් ගොංගාලේගොඩ බන්ඩා යන නාමය ලංකා ඉතිහාසයේ මෙන්ම සියලු දේශප්‍රේමී සිංහල ජනතාවගේ හද තුල සදා අමරනීයයි.

පර සුද්දන් මේ සිංහල දීපයෙන් එලවා ඒකීය නිවහල් දේශයක් බිහි කිරීම උදෙසා ලේ කදුලු දහඩිය හෙලූ මෙවන් වීරයන්ගේ නාමයන් ලංකා මෑනියන්ගේ හද තුල රන් අකුරෙන් සදා ලියව පවතිනු ඇත…ජීවත් වුවත් මලවුන් වැනි පරගැත්තන් කෝටියක් හමුවේ මලත් දේහාභිමානයේ ජීවය පතුරන මොවුන් සැමදා ජාතියේ නොමද උපහාරයට පාත්‍ර විය යුතුය…

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer History සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version