ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟ 03 කින් සමන්විත T20 තරඟාවලියේ අවසන් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් කර තිබුනා. ඒ නුවන් තුෂාර වෙනුවට ප්‍රවීන් ජයවික්‍රම ඇතුළත් කිරීමයි.
තරඟාවලියේ ජය 2-0ක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම හිමි කරගෙන සිටියද අද තරඟය මහනුවර, පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තම අභිමානය වෙනුවෙන් සටන් කල අපේ සිංහයන් තරඟය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළා. පළමුවෙන් පන්දුවට පහරදුන් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05ක් දැවී ලකුණු 176ක් රැස් කරගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී එම ඉලක්කය හඹා ගියා.
එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ බිඳි ගිය බලාපොරොත්තු ඉහළ දැමීමට සමත් වූ අතර, ඔහු පන්දු 25ක් තුළ ලකුණු 54ක් රැස් කරගන්නේ 04 පහර 5ක් සහ 06 පහර 04ක් සමඟයි.
කෙසේ වෙතත් තරඟාවලියේ ජය 2-1ක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි වුණා.