හෙට (21) පෙරවරු 08 සිට පැය 16ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ හංවැල්ල, ජල්තර – රණාල, කඩුවෙල, මාපිටිගම සහ දොම්පේ යන ප්‍රදේශවලටයි.

ලබුගම ජල පවිත්‍රාගාරයේ භූගත ජල ටැංකිය පිරිසිදු කිරීමේ කටයුතු හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version