අවශ්‍ය දෑ:
- සෝයා මීට් ග්‍රෑම් 300
- රතුළූණු ගෙඩි 5
- සුදුළූණු බික් 4
- අමු මිරිස් කරල් 4
- රම්පෙ හා කරපිංචා ස්වල්පයක්
- තෙල් මේස හැදි 2
- හාල් මේස හැදි 1
- තුනපහ කුඩු තේ හැදි 1
- මිරිස් කුඩු තේ හැදි 1
- කහ කුඩු තේ හැදි 1/4
- ගම්මිරිස් කුඩු තේ හැදි 1
- ලුණු අවශ්‍ය ප්‍රමාණයට
- මිටිකිරි කෝප්ප 2
සාදන ආකාරය:
භාජනයකට සෝයා මීට් දමා එයට ලුණු ස්වල්පයක් එක් කර උතුරන වතුර දමා විනාඩි 2 ක් පමණ හොඳින් තම්බා ගන්න. විනාඩි 2 කට පසුව සෝයා මීට් ටික පෙනේරයකින් බේරා නැවතත් පිරිසිදු ජලයෙන් සෝදා මිරිකා භාජනයකට දමා ගන්න.
සුදුළූණු, අමු මිරිස්, රම්පෙ හා කරපිංචා සිහින්ව කපා ගන්න. හාල් හා පොල් කබලේ බැදගන්න.
දැන් ඉහත කපා ගත් සියල්ලෙන් භාගයක ප්‍රමාණයක් මෙන්ම හාල් හා පොල් හා තුනපහ සියල්ලම එකට අඹරා ගන්න.
මැටි වළදක් ලිපේ තබා එයට තෙල් ස්වල්පය දමා හොඳින් රත් වන විටදී එයට ඉතිරි සුදුළූණු, අමු මිරිස්, රම්පෙ හා කරපිංචා ටික දමා බැදගන්න.
එයට සෝයා මීට් හා අඹරා ගත් මිශ්‍රණය දමා හොඳින් කලවම් කර එයට මිටිකිරි දමා මද ගින්නේ පිසගන්න. (aayubo)
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Food සමඟ සම්බන්ධ වීමෙන් විවිධ ආහාර සහ ආහාර වට්ටෝරු ගැන වැඩි විස්තර දැන ගන්න.