රුසියන් ප්‍රහාර හේතුවෙන් යුක්රේනයට සිදුවුණු හානි සඳහා වන්දියක් ලබා දෙන්නේ නම් පමණක්, රුසියාව සමඟ සාම කතා අරඹන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

රුසියාවට තම භූමියෙන් එක් බිම් අඟලක් හෝ ලබා නොදෙන බවත්, මේ වනවිට රුසියාව අත්පත් කරගත් ප්‍රදේශ සියල්ල යළි මුදා ගැනීමට තමන් කටයුතු කරන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී චෝදනා නගා ඇත.

මේ වනවිට යුක්රේන නගරවල විදුලිබල සැපැයුම් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදා පහර දෙයි. යුක්රේන පළාත් 14 ක සහ කීව් අගනුවර මිලියන 4 ක පිරිසක් විදුලි බලය නොැතිව පීඩාවට පත් වී සිටින බව ද පැවැසෙයි. (රොයිටර්)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version