සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය ක්‍රීඩා සමාජ පාපන්දු දිවියේ 500 වැනි ගෝලය වාර්තා කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා සමත් වූයේය. අල් නස්ර් කණ්ඩායම වෙනුවෙන් ගෝල 4ක් වාර්තා කරමින් රොනාල්ඩො එම කඩඉමට පැමිණි අතර ඔහු මේ වන විට රැස් කරගෙන ඇති ගෝල් සංඛ්‍යාව 503කි.

සවුදි ප්‍රො ලීග් තරගාවලියේ දී අල් වෙහ්දා කණ්ඩායමට එරෙහිව රොනාල්ඩෝ එම දස්කම දැක්වූ අතර එම ගෝල් 4ම මිනිත්තු 30ක කාල පරාසයක් ඇතුළත දී ඔහු විසින් වාර්තා කරන ලදී.

මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් ගෝල 103ක්, රියාල් මැඩ්රිඩ් වෙනුවෙන් ගෝල 311ක්, ජුවෙන්ටස් වෙනුවෙන් ගෝල 81ක්, ස්පෝටින් ලිස්බන් වෙනුවෙන් ගෝල 3ක් සහ දැනට අල් නස්ර් වෙනුවෙන් ගෝල 5ක් රොනාල්ඩෝ වාර්තා කර ඇත. මෙහිදී ලබාගත් ගෝල් හතර සමග රොනාල්ඩො වාර්තා කර ඇති හැටි්‍රක් ගෝල් අවස්ථා සංඛ්‍යාව 61ක් බවට පත් වූයේ ය. (දිවයින)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version