සතොස හරහා අලෙවි කරන සහල්, පරිප්පු ඇතුළු භාණ්ඩවර්ග 7 ක මිල පහත දැමීමට එම ආයතනය කටයුතු කර තිබෙනවා.

එසේම අඩු ආදායම් ලාභී වතුකර ජනතාව ජීවත් වන ප්‍රදේශවල සතොස අලෙවිසැල් හරහා පාන් පිටි කිලෝවක් රුපියල් 310 කට අලෙවි කිරීමට කටයුතු කර ඇති බවයි එහි සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කළේ.

අඩුකළ හා නව මිල පහතින්,

  • ආනයනික සුදු කැකුළු 1KG – රුපියල් 10 කින් (නව මිල 185)
  • ආනයනික සුදු නාඩු 1KG – රුපියල් 04 කින් (නව මිල 194)
  • රතු පරිප්පු 1KG – රුපියල් 31 කින් (නව මිල 429)
  • සුදු සීනී 1KG – රුපියල් 19 කින් (නව මිල 279)
  • හාල්මැස්සන් 1KG – රුපියල් 25 කින් (නව මිල 1352)
Share.
Leave A Reply

Exit mobile version