ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය සහභාගි වන තුන්කොන් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම 2023 මාර්තු 15 සිට අප්‍රේල් 3 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි සංචාරය කිරීමට නියමිතව ඇත.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන තුන්කොන් තරඟාවලියේ අවසන් මහා තරඟය 2023 මාර්තු 30 වන දින Tolerance Oval හිදී පැවැත්වේ.

තුන්කොන් තරගාවලියට සහභාගී වීමට අමතරව, කණ්ඩායම ඇෆ්ගනිස්ථානයට එරෙහිව ද්විපාර්ශ්වික සීමිත එක්දින තරඟ දෙකක් ද ක්‍රීඩා කරනු ඇත. (Sri Lanka Cricket)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version