ශ්රී ලංකා කාන්තා ක්රිකට් ප්රවර්ධනය කිරීමේ උපදේශකවරයකු සහ සංවර්ධන උපදේශකවරයකු වශයෙන් ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්රී ලංකා ක්රිකට් විසින් පත් කරනු ලැබ ඇත.
පෙබරවාරි 01 වැනිදා සිට මෙම පත්වීම බලපැවැත්වේ.
මෙම පත්කිරීම පිළිබඳව සුසන්තිකා ජයසිංහ මහත්මිය ප්රකාශ කර තිබුණේ තමන් එම අභියෝගය ඉතා සතුටින් භාර ගන්නා බවයි.
“මේ අභියෝගය මං ඉතා සතුටින් බාරගන්නවා. තරුණ ක්රීඩිකාවන්ට ශක්තියක් වෙන්න මට පුළුවන්. මේ අභියෝගය භාර ගෙන ඔවුන් අනාගත තරු බවට පත් කරන්න මං උත්සාහ කරනවා. ඇත්තටම මේ පත් කිරීම පිළිබඳව මට ඉතා සතුටුයි.”
ශ්රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනූ එකම කාන්තාව වන සුසන්තිකා ජයසිංහ මහත්මිය තවත් අන්තර්ජාතික තරගවලදී ශ්රී ලංකාවට ඉමහත් කීර්තියක් ලබා දී ඇත. (දිවයින)
පින්තූර ලබාගත්තේ: Papare Sports ට්විටර් පිටුවෙන්
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.